Tuesday, April 23, 2024

General line - 0115112241

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව අවසන්




රැකියා විරහිත උපාධිධාරීන් අද (22) සිදු කළ විරෝධතාව අවසන් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා සමග පෙබරවාරි මාසයේදී සාකච්ඡාවක් ලබා දෙන බවට ජනාධිපති ලේකම්වරයා අද ලබා දුන් පොරොන්දුවත් සමගයි.

රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් කියා සිටියේ රජයේ පුරප්පාඩු 63,000ක් තිබියදී උපාධිධාරීන් 53,000 ක් රැකියා විරහිතව සිටින බවයි. 

 

---------------------------

කොළඹ කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ 

(22-01-2018 12:33)

 

රැකියා විරහිත උපාධිධාරි සංගමයේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබෙනවා. 

රැකියා දෙන ලෙස ඉල්ලා උපාධිධාරීන් පිරිසක් කොළඹ දුම්රිය ස්ථානයේ සිට ජනපති ලේකම් කාර්යාලට පා ගමනක නිරත වෙනවා.