Saturday, April 20, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියා රුසියාවේ බලය ගැන අනතුරු අඟවයි




රුසියාව හමුවේ සිය හමුදා බලය බිඳ වැටෙනු ඇතැයි බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රධානී ජෙනරාල් නික් කාටර් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක වියදම් කපා හැරිමට රජය ගත් තීරණයක් සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් හමුදා ප‍්‍රධානියා මේ බව පවසා තිබුණා.

නිසි පරිදි මූල්‍ය ප‍්‍රතිපාදන හිමි නොවන්නේ නම් තර්ජනයන්ට මුහුණ දීම සඳහා වන හමුදාමය ශක්තියද හීන වී යනු ඇති බව ජෙනරාල්වරයාගේ මතයයි.

එහි ප‍්‍රථිඵලයක් ලෙස යුරෝපයට තර්ජනයක් වෙමින් තිබෙන රුසියාව හමුවේ බි‍්‍රතාන්‍ය සතු හමුදා ශක්තිය හීන වනු ඇති බවයි ජෙනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.