Thursday, April 25, 2024

General line - 0115112241

දැනටමත් ඉල්ලුම්කරුවන් 3000 ක් - ඔන්ලයින් මගින් අයදුම් කරන්නත් පුළුවන්

වසන්ත පිවිතුරු




ද්විත්ව පුරවැසි භාවය ලබාගැනීම සඳහා මේ වසරේ අයදුම්පත් 3000 ක් පමණ ලැබි ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන්ට ද්විත්ව පුරවැසි භාවය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි පාලන අංශය කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් www.nethnews.lk ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි නියෝජ්‍ය පාලක ඒ.එල්.වී.අයි ලියනරත්න කියා සිටියේ ද්විත්ව පුරවැසි භාවය ලබාදීමේ කටයුතු කලක් අත්හිටුවා තිබුණ ද එය 2015 වසරෙන් පසු අඛණ්ඩව සිදු කරන බවයි.

වයස අවුරුදු 16 සිට 60 දක්වා වූ පුද්ගලයන් ගුවන් බලපත්‍ර ලබාගැනීමේ දී සහ ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනිමේ දී ඇඟිලි සලකුණු සටහන් කර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම විදේශ රටක සිටින ශ්‍රී ලාංකීකයන්ට මෙරට පුරවැසි අයදුම්පත් අන්තර්ජාලය මගින් ඉදිරිපත් කළ හැකි අතර විදේශ ගමන් බලපත්‍රය සඳහා ද අන්තර්ජාලය මගින් අයදුම්කළ හැකි බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ.