Friday, March 29, 2024

General line - 0115112241

කුසල් ජනිත්ටත් බංග්ලාදේශ තරගාවලියේ ඉතිරි කොටස අහිමි වෙයි

කසුන් කැලුම්




බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියට සහභාගී වී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තවත් කි‍්‍රඩකයෙකු ආබාධයකට ලක්ව සිටිනවා.

ඒ කුසල් ජනිත් පෙරේරායි. සිම්බාබ්වේ සමග ඊයේ පැවැති තරගයේදී ඔහු ආබාධයකට ලක්වුණා. ඒ අනුව වෛද්‍ය උපදෙස් මත මෙම තරගාවලියේ ඉතිරි තරග වලදී ඔහු විවේක ගන්වන බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසන්නේ.

ඇතිවූ පුරප්පාඩුව සඳහා ධනංජය ද සිල්වා කණ්ඩායමට එක්වනු ඇති.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ටද මෙම තරගාවලියේ ඉතිරි තරග මහහැරී යනවා.