Saturday, April 20, 2024

General line - 0115112241

එකවරම අහසින් වැටුණු දේ මොකක්ද? (PHOTOS)




එකවරම අහසින් ඇද වැටුණු අයිස් කුට්ටිය මිනිස් අපද්‍රව්‍ය හෙවත් මළ මුත්‍රා තොගයක් විය හැකි බවට මේ වන විට සැක මතුව තිබෙනවා.

උතුරු ඉන්දියාවේ 'හර්යානා' ප්‍රාන්තයේ ගමකට ඇද වැටුණ අයිස් ගුලියක් ගුවන් යානයක වැසිකිලියකින් නිකුත් වූ මිනිස් අපද්‍රව්‍ය තොගයක් විය හැකි බවටයි ඉන්දීය බලධාරීන් ඒ අනුව සැක පළ කරන්නේ. අදාළ ද්‍රව්‍ය පිළිබඳව රසායනික පරීක්ෂණයක් සිදු කිරීමටද ඔවුන් පියවර ගෙන තිබෙනවා.

කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති එම අයිස් කුට්ටිය පසුගිය සෙනසුරාදා විශාල ශබ්දයක් ඇති කරමින් හර්යානාහි 'ෆෂිල්පූර් බද්ලි' නම් ගම්මානයට වැටී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇතැම් ගම්වාසීන් එම අයිස් කුට්ටිය වෙනත් ලෝකයකින් කඩා වැටුන වස්තුවක් ලෙස සලකන බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා. තවත් පිරිසක් ඉන් කොටසක් කපාගෙන සිය නිවෙස්වලට ගෙන ගොස් තිබූ බවද වාර්තා වෙනවා.

ගුවන් ගමන්වලදී මිනිස් අපද්‍රව්‍ය ගබඩා වීමට යානාවන්හි විශේෂ ටැංකි නිමවා ඇති අතර එහෙත් ඇතැම් අවස්ථාවලදී ගුවනේ දී එවැනි ටැංකිවලින් මිනිස් අපද්‍රව්‍ය කාන්දු විය හැකි බවද ජාත්‍යන්තර ගුවන් ගමන් බලධාරීන් පවසා තිබෙනවා.