Friday, April 19, 2024

General line - 0115112241

2018 පාපන්දු ලෝක කුසලානය ජනපති අතට එයි - හෙට සිට ජනතාවටත් දැක ගැනීමට අවස්ථාව

කසුන් කැලුම්




මෙවර පාපන්දු ලෝක ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට පිරිනමන කුසලානය අද (23) ශ්‍රී ලංකාවට රැගෙන එනවා.

ඒ පිළිබඳ පැහැදිළි කරන කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ "අද රාත්‍රියේ මෙම කුසලානය ලංකාවට ගෙනෙනවා. ඒක නිල වශයෙන් ජනාධිපතිතුමාගේ අතට භාරදීමෙන් අනතුරුව 24 වැනිදා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රටේ ජනතාවට විවෘත කරනවා. රටවල් 54කට මේ ලෝක කුසලානය අරගෙන යනවා. අපේ රට තමයි මේ ලෝක කුසලානය පළමුවෙන්ම අතට ගන්න රට බවට පත් වෙන්නේ. ශ්‍රී ලංකා ඉතිහාසයෙත් පළවෙනි වතාවටයි පාපන්දු ලෝක කුසලානය අපි අතට ගන්නෙත්." යනුවෙනි.

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජූනි 14 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේදී පැවැත්වෙනවා. එහිදී පිරිනමන්නේ කැරට් 18 රත‍්‍රංවලින් නිමවු කිලෝ ග්‍රෑම් 1.4 ක් බරැති කුසලානයක්.

හෙට (24) සිට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙරට ජනතාවට එය දැකගත හැකි වනවා.