Saturday, April 20, 2024

General line - 0115112241

තුන්කොන් සටනේ අද තරගය ශ්‍රී ලංකාවේ ඉරණම විසඳයි

තරංග රුක්ෂාන් ජයසේකර




තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ තරගය අද (23) පැවැත්වෙනවා.

මෙම තරගයේ ජයග‍්‍රහණය තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉදිරිය කෙරෙහි බලපානු ඇති.

තරගයෙන් සිම්බාබ්වේ පිළ ජයගත හොත් ශි‍්‍ර ලංකා කණ්ඩායම අනිවාර්යයයෙන්ම බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගත යුතුයි.

එසේ වුවහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තෝරා ගන්නේ දළ ලකුණු වේගය මතයි.

අද තරගයෙන් බංග්ලාදේශය ජය ගත හොත් ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලබනවා. එසේ වුවහොත් ශි‍්‍ර ලංකා බංග්ලාදේශ තරගයේ ප‍්‍රථිඵලය මත අවසන් තරගයේ අනෙක් කණ්ඩායම තෝරා ගැනෙනු ඇති.