Friday, March 29, 2024

General line - 0115112241

යොවුන් ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෝක වාර්තාවක් තබයි (PHOTOS)

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




යොවුන් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ඉනිමකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හසිත බෝයගොඩ නව ලෝක වාර්තාවක් තැබීමට අද (23) සමත් වුණා.

ඒ කෙන්යාවට එරෙහිව අද පැවති තරගයේදී පන්දු 152ක් තුළ ලකුණු 191 ක් රැස් කරමින්.

එම ලකුණු සංඛ්‍යාව යොවුන් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

තරගයේදී ශ්‍රී ලංකා පිළ නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 04ක් දැවී ලකුණු 419ක් රැස් කළ අතර කෙන්යාවට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුයේ 108ක් පමණයි.

ශ්‍රී ලංකාව රැස කළ ලකුණු සංඛ්‍යාව යොවුන් ක්‍රිකට් ඉතිහාසයේ සිවුවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ශ්‍රී ලංකා යොවුන් පිළ මෙම තරගය ජය ගත්තේ ලකුණු 311කින්. එය සටහන් වූයේ යොවුන් ක්‍රිකට් ඉතිහාසයේ 3 වන දැවැන්තම ජයග්‍රහණය ලෙසයි.