Friday, March 29, 2024

General line - 0115112241

මැති සබයට ඉදිරිපත් වූ පරිපූරක ඇස්තමේන්තු 2ක්

සමන්ත කුමාර




රුපියල් කෝටි 10,064කට අධික වටිනාකමකින් යුත් පරිපූරක ඇස්තමේන්තු 2ක් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

, 2017 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල රජයේ වියදම් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන අනුමත කර ගැනිම සඳහායි.

නොවැම්බර් මාසයට අදාළව රුපියල් එක්දහස් හාරසිය හත්කෝටි 87 ලක්ෂයක මුදලක් සහ දෙසැම්බර් මාසයට අදාළව රුපියල් අට දහස් හයසිය පනස් හත්කෝටියකට අධික මුදලක් සඳහා එමගින් අනුමැතිය ඉල්ලා තිබෙනවා.

ඌව සහ නැගෙනහිර පළාත් සභාවලට 2017 වර්ෂයේ සිදු කරන ලද නව පත්වීම් හේතුවෙන් දැරීමට සිදුවූ වියදම් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැළසීම සඳහා ඉල්ලා ඇති මුදල රුපියල් එකොළොස් කෝටි විසි අට ලක්ෂ 25,000ක්.

නීතිපතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් දෙකෝටි විසි පන්ලක්ෂයක මුදලක් එමගින් ඉල්ලා ඇති අතර, මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් වෙනුවෙන් ඉල්ලා ඇති අතිරේක මුදල රුපියල් කෝටි 4ක්.