Wednesday, April 24, 2024

General line - 0115112241

හදිසියේ වෙනස් වූ මුලතිව් මුහුද

දිනසේන රතුගමගේ - වවුනියාව




මුලතිව් මුහුද හදිසියේම රළු වීමත් එහි ජලය වෙනදාට වඩා අධික සීතල වීමත් නිසා 23 දා සවස මුලතිව් ධීවරයෝ මුහුදු යාමෙන් වැළකී තිබෙනවා.

මේ පිළිබඳව මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් ඒ පිළිබඳව නාවික හමුදා කඳවුරටද දැනුම් දී ඇති බව සඳහන්.

මීට මාස දෙකකට පෙරද මුලතිව් මුහුදේ අසාමාන්‍ය වෙනසක් සිදු වී  එහි ජල ප්‍රමාණය වැඩි වී ජල මට්ටමද ඉහල ගොස් තිබුණා.

ඒ අවස්ථාවේදී සුනාමි ව්‍යවසනයක් ඇතිවේ යැයි යන බිය මත මුලතිව් ධීවරයෝ සතියක පමණ කාලයක්  මුහුදු යාමෙන් වැළකි සිටියා.

මෙවර මුලතිව් මුහුදේ ඇතිවී තිබෙන වෙනස පිළිබඳව ස්ථිර යමක් ප්‍රකාශයට පත්වන තුරු මුහුදු යාමෙන් වැළකී සිටීමට මුලතිව් ධීවරයෝ තීරණය කර ඇත්තේ ඔවුන්ගේ ධීවර සමිති නායකයින් විසින් ගන්නා ලද තීරණයකට අනුවයි.