Saturday, April 20, 2024

General line - 0115112241

අනිද්දා ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙන්




තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග අද (23) පැවති තරගය ලකුණු 93කින් ජය ගැනීමට බංගලාදේශය සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 216ක් රැස් කළා.

එම ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 125ක් පමණයි.

බංග්ලාදේශ කණ්ඩායම සමග අනිද්දා පැවැත්වෙන තරගය ජය

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට ඍජුව සුදුසුකම් ලබනු ඇති.

එම තරගය  ශ්‍රී ලංකාව පරාජය වුවහොත් ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ ප්‍රසාද ලකුණු සටහනේ දළ ලකුණු වේගයට අනුවයි

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව මේ වනවිට එක් ජය බැගින් ලබා සිටීම ඊට හේතුවයි.