Friday, March 29, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානය රැගෙන යයි (PHOTOS/UPDATE)

කසුන් කැලුම්




කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ ප‍්‍රදර්ශනයට තැබුනු 2018 පාපන්දු ලෝක කුසලානය මාලදිවයින බලා අද (24) පස්වරුවේ රැගෙන ගියා.

ඒ විශේෂිත වූ ගුවන් යානයකින්.

අද පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා මෙරට කි‍්‍රඩා ලෝලීන්ට පාපන්දු ලෝක කුසලානය දැක බලා ගැනීමේ අවස්ථාව හිමිවුණා.

ඒ සඳහා කි‍්‍රඩා ලෝලීන් රැසක් පැමිණ සිටි අතර පාපන්දු ලෝක කුසලානය සමගින් ඔවුන්ට ඡායාරූප ලබා ගැනිමටද අවස්ථාව හිමිවුණා.

මෙහි සමාරම්භක උත්සවය අද පෙරවරුවේ පැවැත්වුනේ අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 

(පහතින් දැක්වෙන්නේ පාපන්දු ලෝක කුසලානය ඊයේ රාති‍්‍රයේ රැගෙන එ්මෙන් අනතුරුව ලෝක පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් විසින් කොළඹදී එය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ අවස්ථාව.)

 
------------------------
 

--------------------------------------

පාපන්දු ලෝක කුසලානය බලන්න ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් එයි 

(24-01-2018 12:00)

 

මහජන ප්‍රදර්ශනයට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ තබා ඇති  පාපන්දු ලෝක කුසලානය දැක බලා ගැනීමට දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීව් විශාල පිරිසක් එහි පැමිණෙනවා.  පස්වරු 02 දක්වා පාපන්දු ලෝක කුසලානය දැක බලා ගැනීමේ අවස්ථාව උදාවනවා.

--------------------------------------------------------------

පාපන්දු ලෝක කුසලානයේ පළමු මහජන දැක්ම අද BMICH හිදී

24-01-2018 07:00

පාපන්දු ලෝක කුසලානය අද (24) මහජන ප‍්‍රදර්ශනයට තැබෙනවා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි. කී‍්‍රඩා ලෝලීන්ට උදෑසන 09 සිට පස්වරු 02 දක්වා පාපන්දු ලෝක කුසලානය දැක බලා ගැනීමේ අවස්ථාව උදාවනවා. ප‍්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

පාපන්දු ලෝක කුසලානය ඊයේ රාති‍්‍රයේ රැගෙන එනු ලැබුවේ විශේෂ ගුවන් යානයකින්. අනතුරුව  ලෝක පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් විසින් ඊයේ රාති‍්‍රයේ කොළඹදී එය ජනාධිපතිවරයාට වෙත පිළිගන්වනු ලැබුවා. පාපන්දු ලෝක කුසලානය රටවල් 54ක ප‍්‍රදර්ශනය කිරීමට නියමිත අතර එහි පළමු ප‍්‍රදර්ශනය පැවැත්වෙන්නේ ශී‍්‍ර ලංකාවේ වීම විශේෂත්වයක්.