Friday, April 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැඳුම්කර වාර්තාවේ අත්‍යාවශ්‍ය ලේඛණ රැසක් නැහැ! මහ මොළකරුවන් ගැනත් නැහැ!

ඩිල්ෂාන් තුෂාර




ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඊයේ (23) ඉදිරිපත් කෙරුණත් අත්‍යවශ්‍ය ලේඛණ රැසක් ඊට ඇතුළත්ව නැතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් පවසනවා. එම ලේඛණ නොමැතිව අදාළ වාර්තාව පිළිබද පාර්ලිමේන්තුවේදි විවාද කිරීම ඵළදායි නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුවේ මහා මොළකරුවන් පිළිබද විස්තර ඇතුළත් වන්නේද තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති ලේඛණවල බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර බැදුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා විමර්ශන කොමිසමේ වාර්තා පිළිබද ගනු ලබන ඉදිරි පියවර සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වෙනවා. බැදුම්කර වාර්තාවේ තවමත් හෙළි නොකළ කොටස් පිළිබද එහිදී විමසා සිටීමට අපේක්‍ෂා කරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන නෙත් නිවුස් වෙත මීට පෙර ප‍්‍රකාශ කළේ.