Friday, April 19, 2024

General line - 0115112241

උෟවේ දෙමළ අධ්‍යාපනයට නව ඇමතිවරයෙක්




ඌව පළාතේ ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සෙන්දිල් තොන්ඩමන්,ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ ඉදිරියේ  දිවුරුම් දී තිබෙනවා. ඔහු දැනට ඌව පළාත් වතු යටිතල පහසුකම් නිවාස, මාර්ග,ජලසම්පාදන හා සමුපකාර ඇමතිවරයා ලෙස ද කටයුතු කරනවා.

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකරන පරීක්ෂණ කටයුතුවලට සහය දීමට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක සිය ධූරයෙන් පසුගියදා ඉල්ලා අස් වුණා.

කෙසේ වෙතත් සිංහල අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇමතිවරයකු පත්කර නැහැ.