Friday, April 26, 2024

General line - 0115112241

පොදු ජන පෙරමුණ ඡන්ද පෙත්සම් 06ක් ඉල්ලා අස්කර ගනී




පළාත් පාලන මැතිවරණය සදහා පළාත් පාලන ආයතන 6 කට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප කිරීම අභියෝගයකට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොණුකර තිබූ රිට් පෙත්සම් 6 ක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද (24) ඉල්ලා අස්කර ගත්තා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙම රිට් පෙත්සම් ගොණුකර තිබුණේ මහරගම නගර සභාව, වැලිගම නගර සභාව, පානදුර නගර සභාව, තිරප්පනේ ප‍්‍රාදේශීය සභාව, මහියංගණය ප‍්‍රාදේශිය සභාව සහ අගලවත්ත ප‍්‍රාදේශීය සභාවට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේක කිරීමට එරෙහිවයි. 

අදාළ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද පෙත්සම් ගොණුකර තිබුණා. එහෙත් ඒවා විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂේප කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ. අභියාචනාධිකරණය හමුවේ තමන් ගොණුකළ රිට් පෙත්සම් ඉල්ලා අස්කර ගත්තේද ඒ අනුව බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පැවසුවා.