Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ වෛද්‍ය හිඟයක්!



ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ කැපී පෙනෙන හිගයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් සම්බන්ධීකරණ අංශය පවසනවා. එහි ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය ආචාර්ය දිලිප් ද සිල්වා පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන්ගේ පමණක් 2500 ක හෝ 3000 ක පමණ හිගයක් ඇති බවයි. ඊයේ (23) රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී මෙම කරුණු අනාවරණ කෙරුණා.

දැනට තිබෙන රාජ්‍ය වෛද්‍ය පීඨවලින් සහ වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයද ආරම්භ කෙරුණහොත් 2025 පමණ වනවිට පවතින වෛද්‍ය හිගය මගහරවා ගත හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.  කෙසේවෙතත් දැනට තිබෙන ප‍්‍රමාණයට වඩා කැපී පෙනෙන වැඩි වේගයකින් ආර්ථිකය වර්ධනය වුවහොත් වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාව තවත් වැඩිවනු ඇති බවයි විශේෂඥ වෛද්‍ය ආචාර්ය දිලිප් ද සිල්වා කියාසිටියේ.

වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ සෙසු ශ්‍රේණිවලද සේවක හිගය පවතින බව මෙම සංවාදයේදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. එහෙත් ඒ සදහා යොමුවීමට තවමත් බොහෝ දෙනා තුළ ප‍්‍රමාණවත් පෙළඹීමක් නොමැති බවයි  ශේෂඥ වෛද්‍ය ආචාර්ය දිලිප් ද සිල්වා පැවසුවේ.