Tuesday, April 16, 2024

General line - 0115112241

නායක දෙපළ අතර සුහද කථා බහෙන් පසු ගිවිසුම් අත්සන් කරයි (PHOTOS)




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිළ හමුව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සහ එම මැතිණිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එය සංවිධානය කර තිබුණා.

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා. 

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03 කටද ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල,ජෝන් අමරතුංග, තිලක් මාරපන, මලික් සමරවික්‍රම, මහින්ද අමරවීර, සාගල රත්නායක, ඩී.එම්. ස්වාමිනාදන් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා.