Friday, March 29, 2024

General line - 0115112241

‘වාස් ගැන තීරණයක් අරන් නැහැ’ – තිලංග




ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ වෙනසක් සිදුවන බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ වුණා.

පන්දුයැවීම් පුහුණුකරු ලෙස චමින්ද වාස් සහ පන්දු රැකීම් පුහුණුකරු ලෙස උපුල් චන්දන පත්වන බවටයි එහිදී වාර්තා පළ වුණේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවේදී නෙත් නිවුස් එහි සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී තිලංග සුමතිපාල සඳහන් කළේ චමින්ද වාස් සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති අතර චම්පක රාමණායක ප්‍රධාන වේගපන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි.

එහිදී සභාපතිවරයා පළකල අදහස් පහතින් ඇසිය හැකියි

කෙසේ වෙතත් දකුණු අපි‍්‍රකානු ජාතික Nic Pothas ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කෙරෙනු ඇතැයි වාර්තා පළ වනවා.

මේ අතර ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේ දී ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීම සඳහා නව ක‍්‍රමවේදයක් හඳුන්වා තිබෙනවා. ඒ ප‍්‍රවේශ පත‍්‍ර වංචා වැළැක්වීමේ අරමුණින්.

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 26 වැනිදා පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වනවා.