Friday, April 26, 2024

General line - 0115112241

රෝහලක ගින්නකින් 41ක් මරුට! ලාංකිකයින් ගැන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක් (PHOTOS)




දකුණු කොරියාවේ මිර්යෑන්ග් හි රෝහලක ඇතිවූ ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  බී බී සී ලෝක සේවය පැවසුවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. 

ගින්නෙන් මේ වනවිට පුද්ගලයින් 70 දෙනෙකු පමණ පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. ඉන් ඇතැමෙකුගේ තත්ත්වය බරපතල බවයි බීබීසී ලෝක සේවය පැවසුවේ. ගින්න හටගෙන ඇත්තේ රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේයි. පසුව ගින්න රෝහල පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

ගින්න හටගත් අවස්ථාවේදී රෝගීන් 200 ක් පමණ එහි සිට ඇති බවයි බීබීසී ලෝක සේවය පැවසුවේ. 

දකුණු කොරියාවේ විවිධ රැුකියා වල නිරත වන ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ට මෙම ගින්නෙන් බලපෑමක් සිදුව ඇත්්දැයි යන්න නෙත් නිවුස් එරට පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයකු නෙත් නිවුස් වෙත කියා සිටියේ එම ගින්නෙන් කිසිඳු ශී‍්‍ර ලාංකිකයෙකුට හානියක් සිදුව නොමැති බවයි.

-----------------------------------------

කොරියාවේ රෝහලක ගින්නක්! 31ක් මරුට

26-01-2018 08:03

දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 31 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාරිතා කරනවා. තවත් 11 දෙනකු අසාධ්‍ය තත්තවයේ පසුවනවා.

මෙලෙස ගිණිගෙන ඇත්තේ මිර්යෑන්ග් නගරයේ නගරයේ රෝහලකි.

මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකු පමණ පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. ඉන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි බීබීසී ලෝක සේවය පැවසුවේ. ගින්න හටගෙන ඇත්තේ රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේයි. පසුව ගින්න රෝහල පුරා ව්‍යාප්ත වී තිබෙනවා. ගින්න හටගත් අවස්ථාවේදී රෝගීන් 100 ක් පමණ එහි සිට ඇති බවයි බීබීසී ලෝක සේවය පැවසුවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

දකුණු කොරියාවේ විවිධ රැකියා වල නිරත වන ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ට මෙම ගින්නෙන් බලපෑමක් සිදුව ඇද්දැයි යන්න නෙත් නිවුස් එරට පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයකු නෙත් නිවුස් වෙත කියා සිටියේ මේ වනවිට ඒ පිළිබඳ තොරතුරු සොයා බලමින් සිටින බවයි.