Tuesday, April 23, 2024

General line - 0115112241

ට්‍රම්ප් නිසා ඔබාමාට රජ මඟුලට ඇරයුමක් නෑ...දුවට අවස්ථාව

times of Briton ඇසුරෙන් - වසන්ත පිවිතුරු




බ්‍රිතාන්‍යය හැරි කුමරුගේ විවාහ මංගල්‍යයට සමීපතම මිතුරන්ට පමණක් ඇරයුම් කිරිමට තීරණය කර තිබුණ ද ඔහුගේ තවත් සමීපතම මිතුරෙකුට ඇරයුම් නොකිරිමට එරට රජ පවුල තීරණය කර තිබෙනවා.

මෙලෙස ඇරයුම අහිමි වී ඇත්තේ හැරි කුමරුගේ සමීපතම මිතුරෙකු වන අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාටයි.

ඔබාමාට ඇරයුම් නොකිරිමට විශේෂිත හේතු රැසක් ඇති බවයි රජ පවුල සඳහන් කර ඇත්තේ.

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයාට ඇරයුම් කළහොත් වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද ඇරයුම් කළ යුතු බැවින් ඔබාමාට ඇරයුම් නොකිරිමට තීරණය කර තිබෙන්නේ.

ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙතෙක් බ්‍රිතාන්‍යයට නිල සංචාරයක නිරත වුයේ නැහැ.

එය දැඩි ලෙස බ්‍රිතාන්‍යය විවේචනය කළා.

කෙසේ වෙතත් එය දේශපාලන අර්බුදයක් වූවත් ට්‍රම්ප්ට ඇරයුම් නොකර ඔබාමාට ඇරයුම් කිරිම සාධාරණ නොවන බවයි රජ පවුල පෙන්වා දෙන්නේ.

නමුත් ඔබාමා වෙනුවට ඔහුගේ දියණිය වන මැලිනා ඔබාමාට ඇරයුම් කරන බවයි බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.