Friday, March 29, 2024

General line - 0115112241

ඇතින්න බිහි කළ පැටවු දෙන්නාම මිය යයි (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල




නැගෙනහිර වනජීවි කලාපයේ මාදුරුඔය ජාතික වන උද්‍යානයේදී පනිජ්ජාඔය ප්‍රදේශයේ ඇතින්නියක විසින් නිවුන් අලි පැටව් දෙදෙනෙකු බිහිකර තිබෙනවා.
අඩු මාසයෙන් බිහිවී ඇති මෙම අලි පැටව් දෙන්නා එම අවස්ථාවේම මියයන්නට ඇති බවයි වනජීවී නිළධාරින් සැක පළ කරන්නේ.

කෙසේ වෙතත් මෙම අලි පැටවුන්ගේ මිය යෑම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ශරීරවල කොටස් කොළඹට යවා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.