Thursday, March 28, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍යයේ අර්බුදය තවදුරටත් උත්සන්න වේ




බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග මතු වූ අර්බුදය තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

 

එ්, බි‍්‍රතාන්‍ය සමග වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම ප‍්‍රමාද කිරීමට යුරෝපා සංගමයේ වෙළෙඳ බලධාරීන් තීරණය කිරීමත් සමගයි.

 

යුරෝපා සංගමයේ ඉහළ පෙළේ වෙළෙඳ බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ එවැනි ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර බි‍්‍රතාන්‍ය පළමුව කළ යුත්තේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම බවයි.

 

පසුව අවශ්‍ය වුවහොත් එ් පිළිබඳ සාකච්ඡා කළ හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

 

බි‍්‍රතාන්‍යයේ මෙම තීරණයත් සමග එරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයකටද මුහුණ දී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.