Tuesday, April 23, 2024

General line - 0115112241

හිටපු එජාප සංවිධායක ශ්‍රීලනිප සංවිධායක වෙයි




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වශයෙන් නීතිඥ සම්පත් සුජීව රුවන්පුර පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (30) පෙරවරුවේ ලබාගත්තා.

2015 වසරේදී රත්ගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළ සම්පත් සුජීව රුවන්පුර, 2000 වසරේ සිට මේ දක්වා රත්ගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ නීති ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. 

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් සනත් හේමචන්ද්‍ර විතානාච්චි පත්කර තිඛෙන අතර, ඔහුද  අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.