Friday, March 29, 2024

General line - 0115112241

කර්මාන්තශාලා ආඥා පනත සංශෝධනය කිරීමට යයි - ඉදිකිරීම් අංශවල සේවකයින් ගැනත් අවධානය




සේවයේ යෙදී සිටිය දී හදිසි අනතුරුවලට භාජනය වී මරුමුවට පත්වන හා තුවාල ලබන සේවකයන් සඳහා ගෙවනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීමට කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශය තීරණය කොට තිබෙනවා.

හදිසි අනතුරුවලට භාජනය වන සේවකයින් සඳහා දැනට ගෙවන වන්දි මුදල රුපියල් 5,50,000ක්. කර්මික අනතුරුවලදී විපතට පත්වන සේවකයින්ට ගෙවන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීම සඳහා කර්මාන්තශාලා ආඥා පනත සංශෝධනය කිරීමට යන බව අමාත්‍යාංශයේ ලේකම් නිමල් සරණතිස්ස රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා තිබෙනවා.

කර්මාන්තශාලා ආඥා පනත යටතේ දැනට වන්දි හිමිවන්නේ කර්මාන්ත ශාලාවල සේවයේ දී හදිසි අනතුරුවලට ලක් වන අයට පමණයි. එහෙත් පනත සංශෝධනය කිරීමේ දී එයට ඉදිකිරීම් අංශවල සේවකයින් ද අතුළත් කෙරෙණු ඇතැයි ලේකම්වරයා සඳහන් කළා.