Friday, April 19, 2024

General line - 0115112241

ජනපති සහ අගමැති කැළණිය පුද බිමේදී හමුවූ මොහොත (PHOTOS)




කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් ඊයේ (30) රාත්‍රියේ දී සිදු කෙරුණා. කැලණිය පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරතව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුව පංචතූර්ය වාදන හා පිරිත් සජ්ඡායනා මධ්‍යයේ සධාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කළා.

කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්, ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඛෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ජෝන් සෙනවිරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, බස්නාහිරපළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක් මීට එක්වූවා.