Saturday, April 20, 2024

General line - 0115112241

මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය යළිත් තීරණාත්මක තීන්දුවක (UPDATE)




මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) යළිත් තීරණාත්මක තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. 

ඒ අනුව, මතභේදයන් රැසක් ඇතිකරමින් සිරගත කෙරුණු විපක්ෂ ක්‍රියාකරුවන් 09 දෙනා නිදහස් කිරීමටයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙවර තීන්දු කර ඇත්තේ. 
 
අද රැස්වුනු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. නිදහස් කරන අදාළ විපක්ෂ ක්‍රියාකරුවන්ට එරෙහිව යළි නඩු විභාගයක් කැඳවීමටද එම විනිසුරුවරුන් තීරණය කර තිබෙනවා. 

එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස තීරණාත්මක තින්දුවක් ප්‍රකාශයට පත් කළේ, එම සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉකුත් දා රජයට නියෝග කළ අගවිනිසුරුවරයා සහ තවත් විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති පසුබිමක් තුළ විමද විශේෂත්වයක්.

මේ අතර රට තුළ පවතින දේශපාලන අර්බුධය නිමා කිරීමට මැදිහත්වන්නැයි හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඊයේ (06) ඉන්දියවෙන් සහ අමරිකාවෙන් ඉල්ලීමක්ද කළා.
 

---------------------

මාලදිවයින අර්බුදයක (05-02-2018 07:19)

මාලදිවයින තුළ දේශපාලන අර්බුදයක් හටගෙන තිබෙනවා.

ඒ, එරට රාජ්‍ය පාලන කටයුතු සඳහා හමුදාව සහ පොලිසියේ පූර්ණ සහය ලබාගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීමත් සමගයි.

ඊට ආසන්නතම හේතුව වූයේ ජනාධිපති අබ්දුල්ලා යමින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමක් හෝ දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය සූදානම් වීමයි. එවැනි  ඕනෑම උත්සහයක් වහාම වළක්වන ලෙසටයි මාලදිවයින් රජය එරට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇත්තේ. 

දේශපාලන සිරකරුවන් ලෙස සිටින එරට හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇතුළු විපක්ෂයේ දේශපාලඥයින් 08 දෙනෙකු වහාම නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් සිකුරාදා නියෝග කළා.

එම තීරණය ක‍්‍රියාත්මක වුවහොත් එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය විපක්ෂයට හිමිවනු ඇති. මාලදිවයින් විපක්ෂය පවසන්නේ අධිකරණ තීන්දුවට අවනත නොවීම කුමන්ත‍්‍රණයක් හා සමාන බවයි.