Thursday, April 25, 2024

General line - 0115112241

70 වැනි සැමරුමේ ඡායාරූප




70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත් ලෙස ගාලූ මුවදොර දී ''එකම දැයක්'' තේමාව යටතේ සමරනු ලැබුවා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

බ්‍රිතාන්‍යය රජ පවුල නියෝජනය කරමින් වෙසෙක්ස් හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය මෙම අභිමානවත් උළෙලට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වූ අතර විදෙස් රටවල් නියෝජනය කරමින් රාජ්‍ය නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රවිනිශ්චකාරතුමා, මැති ඇමතිවරු, පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඇතුඑ රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරු ඇතුඑ සම්භාවනීය ආරාධිතයන් රැසක් සැමරුම් උළෙලට එක්ව සිටියා.