Friday, March 29, 2024

General line - 0115112241

එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප්‍රදානෝත්සවය (PHOTOS)




ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, යෞවන තිළිණ ප්‍රධාන අංශය එක්ව සංවිධානය කළ එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප්‍රදානෝත්සවය ඊයේ (04) සවස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  සහ එක්සත් රාජධානියේ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු සහ සොපී කුමරිය, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ අරලියගහ මන්දිරයේදී.

මෙහිදී දිස්ත්‍රික්ක 8 ක වයස අවුරුදු 14 – 24 වයස් කාණ්ඩයේ පසුවන සිංහල හා දමිළ මාධ්‍ය පාසල්, ළමා ගම්මාන,  විද්‍යා පීඨ හා යෞවන සමාජ තරුණ තරුණියන් මෙම යෞවන තිළිණ වැඩසටහනේදී තිළිණ ලබා ගත්තා.

තරුණ තරුණියන්ගේ සේවා, ගවේෂණ, කුසලතා, ක්‍රීඩා හා විනෝදාංශ අංශ 4 ක් යටතේ ලෝකඩ, රජත හා ස්වර්ණ සම්මාන ආදී වශයෙන් කාණ්ඩ ගත කර තිබුණු අතර ඒ අනුව මෙම සම්මාන උළෙලේදී ලෝකඩ තිළිණ 409 ක්ද, රජත තිළිණ 128 ක්ද, ස්වර්ණ තිළිණ 63 ක්ද ආදී වශයෙන් තිළිණ 600 ක් ප්‍රධානය කෙරුණා.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරු, මැති ඇමතිවරුන්, මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා, යුධ හමුදා ප්‍රධානීන්, පොලිස්පති, රාජ්‍ය නිළධාරීන්, ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් සහ පාසල් දරු දැරියන්, තරුණ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියා.