Saturday, April 20, 2024

General line - 0115112241

කුසල් උඩ ගිහින්

කසුන් කැලුම්




අන්තර්ජාතික ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 12කින් ඉදිරියට පැමිණීමට කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී දැක්වූ විශිෂ්ඨ පිති හරඹය හේතුවෙන්.

ඔහු මෙම තරගයේදී ලකුණු 196ක් රැස් කිරීමට සමත් වුණා.

නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ කුසල් මෙන්ඩිස්ට හිමිව ඇත්තේ 23 වන ස්ථානයයි.

ඔහු මීට පෙර 35 වන ස්ථානයේ පසුවුණා.

බංග්ලාදේශයට එරෙහිව ශතකයක් වාර්තා කළ ධනංජය ද සිල්වා ස්ථාන 8ක් ඉදිරියට පැමිණෙමින් 38 වන ස්ථානයේ පසුවනවා.

අන්තර්ජාතික ටෙස්ට් පිතිකරණ ‍ශ්‍රේණිගත කිරීම් සටහනේ ඉදිරියෙන්ම පසුවන ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයා වන්නේ දිනේෂ චන්දිමාල්. ඔහු එම සටහනේ 9 වන ස්ථානයට හිමිකම් කියනවා.

ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ  ඔස්ටේ‍්‍රලියානු ජාතික ස්ටීවන් ස්මිත්.