Friday, April 19, 2024

General line - 0115112241

ලෝක ආර්ථිකය කඩා වැටෙද්දී එහි බලපෑම කොළඹට දැනුන හැටි මෙන්න

වසන්ත පිවිතුරු




අමෙරිකාවේ ප්‍රධාන කොටස් වෙළදපොළ මාපකය වන ඩව් ජෝන්ස් දර්ශකය වාර්තාගත අන්දමින් ඊයේ (05) දිනයේ දී පහත වැටී තිබෙනවා.

එය ඒකක 1175කින් පහත වැටී ඇති බවයි අමෙරිකානු ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

ඒ අනුව සියයට 4.6කින් ඊයේ (05) පහත වැටී ඇත්තේ මීට පෙර වාර්තා වූ ඒකක 777ක පහත වැටීමද අභිබවා යමින්.

එලෙස ඇමරිකානු කොටස් වෙළදපොළ මීට පෙර 2008 වසරේදී පහත වැටුණේ එවකට පැවති ගෝලීය මූල්‍ය අර්බුදය හේතුවෙන්.

අමෙරිකානු ප්‍රධාන කොටස් වෙළදපොළ මේ ආකාරයෙන් කඩා වැටීම එහි ආර්ථිකයට ද විශාල තර්ජන එල්ල කර ඇති අතර විශාල කර්මාන්ත ශාලාද කඩා වැටී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත්තේ.

මේ හේතුවෙන් අමෙරිකාව ඉදිරියේ දී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදීමේ අවධානමක් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වුණා.

යුරෝපානු කොටස් වෙළඳපොළ ද අද (06) වාර්තා ගත ලෙස පහළ ගොස් තිබෙනවා. එසේම ආසියානු කොටස් වෙළඳපොළ ද යම් පසුබෑමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

යුරෝපා කොටස් වෙළඳපොලේ ප‍්‍රභල තීරකයන් ලෙස සැලකෙන බි‍්‍රතාන්‍යයේ ලන්ඩන්, ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් සහ ප‍්‍රංශයේ පැරිස් යන කොටස් වෙළඳපළ ද සියයට 3.5කින් පමණ පහත වැටී තිබුණු බවයි වාර්තා වුණේ.

100ට අධික අංක එකේ සමාගම් රැසක කොටස් මෙහිදී විශාල ලෙස පහත වැටී ඇති අතර ඉන් විශාල බලපෑමක් එල්ල වී ඇති බවද විදෙස් වාර්තා පවසනවා.

මෙහි බලපෑම ප්‍රංශ, ජර්මානු, ඉතාලි සහ ස්පාඤ්ඤ කොටස් වෙළඳපොලවල් ද 3% න් පහත වැටී තිබෙනවා.

එහි බලපෑම තවදුරටත් බලපානු ඇති බවයි ලොව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

2016 වසරින් පසුව ලන්ඩන් කොටස් වෙළඳපොළ මෙවැනි වාර්තාගත අගයකින් පහත වැටුනු පළමු අවස්ථාව මෙයයි.

ආසියාව සැලකීමේදී ජපාන කොටස් වෙළඳපොළද අද (06) දිනය තුලදී සැලකිය යුතු අගයකින් පහත වැටී තිබුණා.

මේ අතර කොළඹ කොටස් වෙළඳපොල ද අද (06) දිනය අවසානයේ දී පහත වැටීමක් පෙන්නුම් කළා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 7.92 කින් පහළ ගොස් ඇති අතර එය සියයට 0.12% ක පහත වැටීමක් .

අද දිනය අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොලේ ඒකක ගණන සටහන් වුණේ 6512.54 ක් ලෙසයි.

කෙසේ වෙතත් එස්.ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය සැළකිය යුතු ආකාරයෙන් පහත වැටීමක් පෙන්නුම් කළා.

ඒ අනුව ඒකක 28.25 කින් පහළ ගොස් ඇති අතර එය ද ඒකක 3723.70 ලෙස සටහන්ව තිබෙනවා.

එම අගයද සියයට -0.75% ක පහත වැටීමක්.

අද (06) දිනය අවසානයේ දී මිලියන 262 ක කොටස් හුවමාරු වී තිබු අතර දිනයේ සමස්ත වෙළඳපොල පිරිවැටුම රුපියල් බිලියන 848 ක්.

අමෙරිකාවේ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් එරට කොටස් වෙළඳපොල කඩා වැටී ඇති බවත්  එහි යම් බලපෑමක් කොළඹ කොටස් වෙළඳපොළටත් එල්ලවී ඇති බවයි මෙරට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයකට බලපානු ඇති බවත් ඔවුන් සඳහන් කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් nethnews.lk කොළඹ කොටස් වෙළඳපොළෙන් විමසීමක් කළා.

කොටස් වෙළඳපොළ සඳහන් අමෙරිකානු කොටස් වෙළෙඳපොළෙහි පසුගිය දින කිහිපය තුල ඇති වී තිබු පසුබෑම ශ්‍රී ලාංකීය කොටස් වෙළෙඳපොළෙහි හැසිරිමට සාධකයක් වී නොමැති බවයි..

සාමාන්‍ය වශයෙන් ගත් කල ශ්‍රී ලාංකීය කොටස් වෙළෙඳපොළ ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ප්‍රවනතා සමඟ ඉතා අඩු සහ සම්බන්ධයක් පෙන්වා ඇති බවයි වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර පසුගිය සතිය මැද භාගයේ දී ශ්‍රී ලංකාවේ රුපියලේ අගය ද සැළකිය යුතු අකාරයෙක් කඩා වැටි තුබු බවයි ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේ.

ඒ අනුවඅමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ අගය 4% න් පහත වැටී තිබුණා.

බැංකු සහ අපනයනකරුවන් අතර පවතින ඩොලරයේ අවශ්‍යතාව ඉහළ යාම මෙලෙස රුපියලේ අගය පහත වැටීමට හේතුව බවයි මහ බැංකුව පෙන්වා දී තිබෙන්නේ.

එහිදී ඩොලරයේ අගය රුපියල් 154.15 පැවති අතර එහි අගය රුපියල් 20 ක් ගත්තා. මෙම පහත වැටීමත් සමග ඩොලරයේ අගය රුපියල් 154.30 බවට පරිවර්තනය වී රුපියල් 35ක අගයක් ගත්තා.