Saturday, April 20, 2024

General line - 0115112241

ඔලිම්පික් කඹ ඇදිල්ලෙන් ජිම්නාස්ටික් පුතෙකුට කැපිල්ලක්

කසුන් කැලුම්




ඔලිම්පික් නිලවරණයට දෙපාර්ශ්වයක තිබෙන කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තේරීමේදී අසාධාරණයක් සිදුව ඇති බව ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපති අරුණ ප‍්‍රසාද් පවසනවා. 

වර්තමානයේ ශී‍්‍ර ලංකාවේ සිටින අංක එකේ ජම්නාස්ටික් කී‍්‍රඩකයා වන තම පුත‍්‍ර ඩිල්ෂාන් කවීන් කී‍්‍රඩකයාටද එවැනි ඉරණමකට මුහුණදීමට සිදුව ඇති බවයි ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ. තමන් මෙවර ඔලිම්පික් නිලවරණයේදී රොහාන් ප‍්‍රනාන්දුගේ පාර්ශ්වයට සහයෝගය දැක්වීම හේතුවෙන් වත්මන් ඔලිම්පික් කමිටුවේ බලය හිමි එහි මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප‍්‍රමුඛ පාර්ශ්වය මෙම කී‍්‍රඩකයා ජිම්නාස්ටික් කණ්ඩායමෙන් ඉවත කර ඇති බවයි අරුණ ප‍්‍රසාද් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

'' ඩිල්ෂාන් කවීන් කියන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් කරා යන්න පුලූවන් කී‍්‍රඩකයෙක්. මෙවර කී‍්‍රඩිකාවන් 3 දෙනෙකුට පමණයි අවස්ථාව දීලා තියෙන්න. එතන පිරිමි ජිම්නාස්ටික් ක‍්‍රීඩකයින් නැහැ. අමෙරිකාවේ වසර 3ක් මගේ පුතා පුහුණුවීම් කළා. එයා ලංකාවේ ඉන්න අංක එකේ ජිම්නාස්ටික් කී‍්‍රඩකයා. මම මෙවර සහයෝගය දෙන්නේ රොහාන් ප‍්‍රනාන්දුට ඒක නිසා තමයි මැක්ස්වෙල් සිල්වා මගේ පුතාට කැපිල්ල දාන්නේ. මගේ පුතා අමෙරිකාවේ අධ්‍යාපනය හදාරණමින් සිටින්නේ. එයා අධ්‍යාපන කටයුතු තාවකාලිකව නවතා දමා ඉකුත්දා ශී‍්‍ර ලංකාවට පැමිණ ජිම්නාස්ටික් තේරීම් තරග සඳහා සහභාගි වූයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට එක්වීමේ අපේක්ෂාවෙන්. කී‍්‍රඩාව වෙනුවෙන් දිරියක් වන සෑම දෙමාපියෙකුටම බලධාරීන් දෙන ආදර්ශය මේකද ? අපි සල්ලි වියදම් කරලා රටවල්වල යවලා පුහුණුවීම් කරවලා දරුවන් පුහුණු කරන්නේ රට දිනවන්න මිසක් සාක්කු පුරව ගන්න නෙමේ ''
 
ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපති අරුණ ප‍්‍රසාද් සිදු කරණ මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තමන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේදී කිසිඳු අසාධාරණයක් සිදුකර නොමැති බවයි. කෙසේ වෙතත් තම පුත‍්‍රයාට සිදුව ඇති අසාධාරණය පිළිබඳව කී‍්‍රඩා අමාත්‍යවරයා දැනුවත් කරන බවයි අරුණ ප‍්‍රසාද් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් කියා සිටියේ.