Thursday, April 25, 2024

General line - 0115112241

නායකත්වය චන්දිමාල්ට

කසුන් කැලුම්




බංග්ලාදේශයට එරෙහිව ලබන 15 වනදා ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට පවරා තිබෙනවා. තරග දෙකකින් යුත් මෙම තරගාවලියට සහභාගී වන  ශ‍්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් අද ප‍්‍රසිද්ධියට පත් කෙරුණා. ක‍්‍රීඩකයින් 15 දෙනෙකු කණ්ඩායමට ඇතුළත්.

උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා,  නිරෝෂන් දික්වැල්ල,දසුන් ශානක, ඉසුරු උදාන, ශෙහාන් මධුසංඛ, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අපෝන්සෝ, ජීවන් මෙන්ඩිස් සහ අසිත ප‍්‍රනාන්දු කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වනවා.