Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් එක ඇයි මේව අහන්න බය?




නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ සැලැස්මක් ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවය. ඒ නිසා පක්ෂය වටා කණ්ඩායම් එකතුවෙමින් ඇති බවය.


රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ බැඳුම්කර ගුනුදෙනුව සම්බන්ධයෙන්  අවස්ථා තුනකදී පරීක්ෂාවට ලක්කර තිබියදී එය එය මඩ ගැසීමට යොදා ගන්නා බවය. එහි හරි වැරැද්ද බැලීමට කටයුතු කළ බවත්. එය යට ගැසීමට අවශ්‍යනම් කෝප් කමිටුවේ සභාපති ලෙස සුනිල් හඳුන්නෙත්ති ජවිපෙ පාර්ලිමේන්තුමන්ත්‍රීවරයා පත් කරන්නේ දැයි විමසුවා

පසු ගිය ආණ්ඩු සමයේද වංචනික ලෙස බැඳුම්කර නිකුත්වක් සිදුව ඇති බවත් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිත කර ඇති බවත් පවසන අගමැතිවරයා "නෙත් එක ඇයි මේව අහන්න බය? ගිය ආණ්ඩුව ආරක්ෂා කළ නිසාද?" යැයි විමසා සිටියා.

සම්පූර්ණ වැඩසටහන පහතින් අසන්න