Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට  ලකුණු 215 ක ජයක් (UPDATE)




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලකුණු 215 කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

ලකුණු 339 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට දෙවන ඉනිමේදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 123 ක් පමණයි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස සමස්ත ජයද ශී‍්‍ර ලංකාවට හිමිවුණා.

බංග්ලාදේශ දෙවන ඉනිම සුනුවිසුනු කළ අකිල ධනංජය විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 24 කට කඩුළු 5 ක් බිද හෙළුවා.

ඔහු සහභාගි වූ මංගල ටෙස්ට් තරගයද මෙය වන අතර මෙම තරගයේදී පමණක් අකිල ධනංජය කඩුළු 8 ක් බිද හෙළීම විශේෂත්වයක්.

රංගන හේරත් බංග්ලාදේශ දෙවන ඉනිමේදී කඩුළු 4 ක් බිද හෙළීමට සමත් වුණා. තරගය පැවැත්වුණේ චිතගොන්හිදීයි.

-----------------

ශ්‍රී ලංකා දෙවන ඉනිම නිමා වෙයි

බංග්ලාදේශ - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 226ක් රැස්කර ගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට ලකුණු 339ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායමේ එක් කඩුල්ලක් දැවී ලකුණු 12ක් රැස්කරගෙන සිටිනවා.

-------------------------------

රොෂේන් සිල්වා පිටියේ හුදකලා වෙයි (UPDATE)

(09-02-2018 16:52)

 

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයේ දෙවන දිනය වූ අද (09) දිනය නිමා වනවිට කඩුළු 8 ක් දැවී ලකුණු 200 ක් ලබා සිටියා.

ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රොෂේන් සිල්වා නොදැවී ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 58 ක්.

සුරංග ලක්මාල් නොදැවී ලකුණු 7 යි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 222 ක් රැස් කළ අතර බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 110 ක් පමණයි.

ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 2 ක් අතැතිව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 312 ක් ඉදිරියෙන් සිිටිනවා. 

 

-----------------------------------------------

ශ්‍රී ලංකා මුල් කඩුලු දෙක ගැලවෙයි (UPDATE)

09-02-2018 13:59

 

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (09) දෙවන දිනයයි.

සිය දෙවන ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 2ක් දැවී ලකුණු 67ක් ලබා සිටියා.

කුසල් මෙන්ඩිස් ලකුණු 07කට සහ ධනංජය සිල්වා ලකුණු 28කට දැවී ගියා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 222ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉණිමට රැස් කළේ ලකුණු 110ක් පමණයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලූ 08ක් අතැතිව ලකුණු 179ක් ඉදිරියෙන් සිටිනවා. 

-----------------------------------------

110ට බංග්ලාදේශයේ සියල්ලෝම දැවී යයි (UPDATE)

09-02-2018 10:47

 

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 110ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 222ක් රැස් කළා. 

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ මෙහෙදි හසන්. ඔහු නොදැවී ලකුණු 38ක් රැස් කළා. ටෙස්ට් වරම් දිනූ අකිල ධනංජය ලකුණු 20කට බිඳ හෙළු කඩුුලූ සංඛ්‍යාව 03ක්. සුරංග ලක්මාල් ලකුණු 25කට කඩුලූ 03ක් දවා ගැනීමට සමත් වුණා. දිල්රුවන් පෙරේරා ලකුණු 32කට කඩුලූ 02යි. ශ‍්‍රී ලංකාව පළමු ඉණිම සඳහා ලකුණු 222ක් රැස් කිරීමට සමත් වුණා.

දෙවන ඉණිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ලකුණු 07කට දැවී ගියා. 

මීර්පූර්හි පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි. 
 

---------------------------------------

තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට

08-02-2018 18:38

බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ, බංග්ලාදේශ පළමු ඉණිමේ කඩුලූ 04ක් ලකුණු 56ක් තුළ බිඳ හෙලමින්. පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ලකුණු 15කට කඩුලූ 02ක් සහ දිල්රුවන් පෙරේරා ලකුණු 25කට එක් කඩුල්ලක් බිඳ හෙලූවා.

අද දිනයේ සුරංග ලක්මාල් සිය ටෙස්ට් දිවියේ සියවන කඩුල්ල බිඳ හෙලීමද විශේෂත්වයක්. ඔහු එම දස්කම දැක්වූයේ තරග 44කදීයි. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 222ක් පමණයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 68ක් සහ රොෂේන් සිල්වා ලකුණු 56ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවා. පන්දු යැවීමේ දී අබ්දුර් රසාක් හා ටයිජුල් ඉස්ලාම් කඩුලූ 04 බැගින් බිඳ හෙළුවා. 

--------------------------------------------------------------------

මුලින්ම පිත්ත අතට ගත් ශ්‍රී ලංකාව ට නොසිතූ ඉරණමක්! සියල්ලන්ම දැවී යයි

08-02-2018 14:38

සංචාරක ශි‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරග පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 222ක් රැස්කර තිබියදී සියළු දෙනා දැවී ගියා.

---------------------------------------------------------------------

මුලින්ම පිත්ත අතට ගත් ශ්‍රී ලංකාව නොසිතූ ලෙස ඇද වැටෙයි

08-02-2018 13:51

සංචාරක ශි‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය මීර්පූර් හිදී දැන් පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ශි‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 06ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා.

ශි‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුළු 04 බිඳ වැටුනේ ලකුණූ 96ක් තුළයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 68කට දැවී ගියා.

ධනංජය සිල්වා ලකුණු 19යි.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවී ගියා.

රොෂේන් සිල්වා සහ දිල්රුවන් පෙරේරා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. අද තරගයේදී අකිල ධනංජය ටෙස්ට් වරම් දිනා ගැනීමද විශේෂත්වයක්. 

 

----------------------------

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට (UPDATE)

(08-02-2018 08:49)

 

ශි‍්‍ර ලංකා බංග්ලාදේශ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව හිමිකරගත්තා. පළමුව පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකාව තීරණය කර තිබෙන්නේ.

----------------------------------

අද තරගයේදී පිටිය වෙනස් වී තිබිය හැකිලු

08-02-2018 06:51

ශි‍්‍ර ලංකා බංග්ලාදේශ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගය අද (08) ආරම්භ වනවා.

ඒ, මීර්පූර් හි ශි‍්‍ර බංග්ලා ජාතික කී‍්‍රඩාංගනයේදීයි.

තරග දෙකකින් යුත් මෙම තරගාවලියේ අවසන් තරගයද මෙය වනවා.

දෙපිළ අතර පැවැති පළමු තරගය ජය පරාපයෙන් තොරව නිමා වුණා. 

පළමු තරගයේදී තණනිල්ල පිතිකරුවන්ට ඉතා සුදුසු එකක් වු බවයි විචාරකයන් පැවසුවේ. දෙපිලේම පිතිකරුවන් එහිදී වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත්තා.

කෙසේ වෙතත් අද ආරම්භ වන තරගයේදී තණනිල්ල ඊට වඩා වෙනස් වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

බොහෝ විට දඟ පන්දු යවන්නන්ට තණනිල්ලේ වැඩි වාසිය හිමිවනු ඇතැයිද විශ්වාසය පළ වනවා. මෙම තරගය ශි‍්‍ර ලංකා වේලාවෙන් උදෑසන 09.00ට පමණ ආරම්භ කිරීමට නියමිතයි.