Thursday, March 28, 2024

General line - 0115112241

කුණු කිලෝ එකක් පහළට ගේන්න රුපියල් 300ක් ගෙවන ලෝකයේ ලොකුම කුණු කන්ද!




ලෝකයේ ලොකුම කුණු කන්ද වන්නේ එවරස්ට් කන්ද බව බීබීසීය පවසනවා. එවරස්ට් කන්දේ එක්රැස්ව ඇති කුණු කිලෝවක් පහළට ගෙන ඒම සඳහා අමෙරිකානු ඩොලර් 02 (ශ්‍රී ලංකා රුපියල්  300ක් පමණ) මුදලක් නේපාල ජාතික මාර්ගෝපදේශකයන් වන ශාර්පාවරුන්ට ගෙවන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේවනවිට හිමාලය තරණය කිරීමේ ඍතුව උදාව ඇති බැවින් එවරස්ට් කඳුමුදුන පිරිසිදු කිරීමේ මහා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එවරස්ට් කඳුවැටියේ අත්හැර දමන ලද කුණුකසල මිනිස් අපද්‍රව්‍ය සහ පැරණි උපකරණ ප්‍රමාණය ටොන් ගණනාවකි. ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමට උදව් වෙන මෙන් කඳු නගින්නන්ගෙන්ද ඉල්ලීමක් කරනවා. කන්ද තරණය කර ආපසු එන ගමනේ දී සෑහෙන තරම් කසල ප්‍රමාණයක් ආපසු ගෙන එන්නේ නැත්නම් ඔවුන්ට දඩ ගැසීමේ වැඩ පිළිවෙලක් 2014 වසරේ පටන් නීතියක්ද ක්‍රියාත්මක කෙරෙනවා.

ඔක්සිජන් ටැංකි, කූඩාරම් , ආහාර ගැනීමට පාවිච්චි කරන දේවල් සහ කඳවුරුවල පාවිච්චි කරනු ලබන වෙනත් ද්‍රව්‍ය ඇතුලත්, අඩි 21000ක් පමණ උසින් පිහිටි එක් කුනුකන්දක් පහලට ගෙන එම සඳහා හෙලිකොප්ටර් යානා පවා යොදාගෙන තිබෙනවා.

කන්ද තරණය කරමින් සිටිය දී මරණයට පත් වන්නන්ගේ සිරුරු ආපසු ගෙන ඒමක් සිදු වන්නේ නැත. එසේ මරණයට පත් වූවන්ගෙන් අඩු තරමින් සිරුරු දෙසීයක්වත් මේ වනවිටත් කන්දේ ඇතැයි සැලකෙනවා.