Friday, April 26, 2024

General line - 0115112241

"පොහොට්ටුවෙන් ගොස් සයිකලයක නැග පළි ගන්නේ කාගෙන්ද?" 




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවෙන් ගොස් සයිකලයක නැගී පළි ගැනීමට උත්සාහ දරන්නේ ඔහුව ජනාධිපති කරවීමට ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (07) මහරගම පැවති ජන රැළියක් අමතමින්.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන්නේ නම් තමන් වැනි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු සංවිධායකත්වය දරන මහරගම ආසනයේ ස්වාධීන කණ්ඩායමක වේදිකාවකට ගොඩ නොවනු ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.

"වත්මන් ජනාධිපතිතුමනි, ඔබ තුමන් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව එලෙස කළා නම් අපිට දුකක් නෑ. පසුගිය ජනාධිපතිවරණයේදී ඔබට අපි ඡන්දය දුන්නේ නෑ. අපි හැමෝම ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බුලත් කොළයට" යනුවෙන්  බස්නාහිර පළාත්  ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය එහිදී කියා සිටියා.