Thursday, March 28, 2024

General line - 0115112241

බෙල්ලන්විල නාහිමි දැයෙන් සමුගනී (PHOTOS)




සසුනඹර ආලෝකමත් කළ අපවත් වී වදාළ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදීයි.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ක‍්‍රීඩාංගණයට දේහය රැගෙන ඒමෙන් අනතුරුවයි ආදාහන පූජෝත්සවයේ කටයුතු නිල වශයෙන් ආරම්භ වුණේ. 

එම අවස්ථාවට මහා සංඝරත්නය ප‍්‍රමුඛ ආගමික නායකයින් මෙන්ම ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා, හිටපු ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් ද කලාකරුවන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

 

-------------------------------------------------------------

අද දැයෙන් සමුගන්නා බෙල්ලන්විල නාහිමියන්ගේ ආදාහන පෙරහර ඇරඹෙයි

08-02-2018 13:28

අපවත් වී වදාළ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (08) පැවත්වෙනවා.

අපවත් වී වදාළ අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශි‍්‍ර දේහය රැගත් අදාහන පෙරහැර පස්වරු 01 ට බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයෙන් පිටත්වීමට නියමිතයි. මහරගම මාර්ගය ඔස්සේ ගමන්කරන රිය පෙරහැර බොරලැස්ගමුව මංසන්ධියෙන් රත්තනපිටිය ප‍්‍රදේශයට හැරී ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කි‍්‍රඩා පිටිය දක්වා ගමන් කිරීමට නියමිතයි.

ආදාහන පුජෝත්සවය වෙනුවෙන් එම ප‍්‍රදේශ ආශි‍්‍රතව විශේෂ ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක වනවා. ඒ අනුව අද දහවල් 12.30 සිට මහරගම දෙහිවල මාර්ගයේ වාහන ධාවනය බෙල්ලන්තර හංදියෙන් සීමා කෙරෙනු ඇති. 120 බස් මාර්ගයේ වාහන ධාවනය බොරලැස්ගමුව හංදියෙන් සහ පැපිලියාන හංදියෙන් සීමා කෙරෙන බවයි පොලීසිය පැවසුවේ. අපහසුතා අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.     

 

=================================================

 

ඡායාරූප ධර්ම ශ්‍රී තිලකවර්ධනගේ ෆේස්බුක් ගිණුමෙනි

---------------------------------------------------------------------

උන් වහන්සේ වෙනුවෙන් නෙත් නිවුස් තබන සටහනක් දැන්.
 

 

පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් අපවත්වූයේ අප රටට එවන් උත්තුංග දැක්මෙන් හෙබි බුද්ධ පුත‍්‍රයන් වහන්සේලා අවැසි සමයක බව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමිපාණන් ත්‍රෛයිනිකායින සංඝ රත්නය මෙන්ම අන්‍යාගමික  නායකයින් සමගත් සමීප සුහදතාවයක් පවත්වා ගෙන යමින් පරමාදර්ශී ආගමික නායකත්ව ලක්ෂණ ප‍්‍රකට කළ හිමිනමක් බවයි එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. 

 

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ හදිසි අපවත්වීම ශාසනයට මෙන්ම දේශයටද පිරිමැසිය නොහැකි අඩුවක් බව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. උන්වහනසේ ශාසනික, සමාජ ධර්මශාස්තී‍්‍ර මෙහෙවරක් ඉටු කළ සුවිශේෂී හිමිනමක් බවයි එම පණීවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

 

පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගේ අපවත් වීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. පූජ්‍ය බෙල්ලන්විල  විමලරතන හිමියන් හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් නිරතුරුවම තමන් හට පෙන්වා දුන් ආදර්ශවත් හිමිනමක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

උන් වහන්සේ කිසිදු දේශපාලන පක්ෂයකට නැඹූරුව තම අදහස් ප‍්‍රකාශ නොකළ ස්වාධීන මතයක් දැරූ හිමිනමක් බවද හිටපු ජනාධිපතිවරයා සිය ශෝක පණිවුඩයෙන් පෙන්වා දෙනවා.