Thursday, April 25, 2024

General line - 0115112241

ගාල්ලේ ගින්නක්! අහස කළු දුම් වළාවන්ගෙන් වැසෙයි

රවීන්ද්‍ර චන්ද්‍රලාල් - ගාල්ල




ගාල්ල බෝගහගොඩ පිහිටි රබර් භාණ්ඩ නිෂ්පාදන කරනු ලබන කර්මාන්ත ශාලාවක එළිමහන් කොටසක් අද (08) ගින්නකට අසුවීම නිසා එහි තිබු රබර් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශවී තිබෙනවා.

මෙම ගින්නෙන් කර්මාන්ත ශාලාවට සුළු හානි සිදුවී ඇති අතර සේවක සේවිකාවන්ට හානියක් වී නොමැත. මෙම ගින්නෙන් ඇතිවූ කළු වලාවන් හේතුවෙන් අවට ප‍්‍රදේශයම වැසි ගොස් තිබුණා.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, ගුවන් හමුදා සහ යුද හමුදා ගිනි නිවන ඒකක, හබරාදුව පොලිසිය සහ ප්‍රදේශවාසින් මෙම ගින්න මැඩ පැවැත්වීම සදහා කටයුතු  කළා. විනාඩි 45ක් පමණ ගින්න පැවතියා.