Thursday, April 18, 2024

General line - 0115112241

SLPL මේ වසරේදී ඇරඹෙයි! කණ්ඩායම දක්ෂතා දක්වන වේගය ගැන කලබල වෙන්න එපා




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දක්ෂතා දක්වන වේගය පිළිබඳ කිසිවෙකුත් කලබල නොවිය යුතු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

"මේක දිගු ගමණක්. තාවකාලික ගමනක් නොවෙයි. පසු බැසීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ලෝකයේ හැම කණ්ඩායමකටම වෙනවා. 2019 ලෝක කුසලානය වෙනුවෙන් සුරක්ෂිත ගමණක් යනවා. මේ වසර අවසානයේ එංගලන්තය සමග තරගාවලියකුත් තිබෙනවා. ඉතා හොඳින් ප්‍රති සංවිධානය වෙලා ඉලක්කයකට යන්න පුළුවන්." 

ඉදිරියේ දී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි විස්ස ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියක් පිළිබඳව ද මෙහිදී අදහස් පළ කළ සභාපතිවරයා පැවසුවේ ආසියාවේ ප්‍රීමිය ලීග් තරග නොපවත්වන එක රට ශ්‍රී ලංකාව බවය. එය මේ වසරේදී ආරම්භ කිරීමට බලාපොරොත්තුව බව පවසන ඔහු, නැවැත්වීමට බලාගෙන ආරම්භ නොකළ යුතු බවද අවධාරණය කරනවා."