Thursday, April 25, 2024

General line - 0115112241

දෑවැද්දට හිලව් වෙන්න බිරිඳගේ වකුගඩුව සොරකම් කළ සැමියෙක්




දෑවැද්දට හිලව් ලෙස සිය වකුගඩුවක් සොරා ගත්තේ යැයි, 28 හැවිරිදි ඉන්දියානු කාන්තාවක් පොලීසියට කළ පැමිණිල්ලකින් අනතුරුව ඇයගේ සැමියා සහ ඥාති සොහොයුරා අත් අඩංගුවට ගෙන ඇත.

මීට දෙවසරකට ප්‍රථම, එම බටහිර බෙංගාල කාන්තාව උදරාබාධයකින් පෙළෙමින් සිටියදී ඇගේ සැමියා උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය යැයි පවසමින් සැත්කමක් කරවා තිබෙනවා. කල්කටාවල කළ එම සැත්කම පිළිබඳව කිසිවෙකුටත් නොකියන ලෙසයි සැමියා ඇයට අවවාද කර ඇත්තේ. ඉන් අනතුරුව 2017 වසරේ අවසාන භාගයේ වෙන් වෙන්ව සිදු කළ වෛද්‍ය පරීක්ෂණ දෙකකින්ම අනාවරණය වී තිබෙන්නේ ඇගේ වකුගඩුවක් අතුරුදහන්ව ඇති බවය.

මෙසේ සොරාගත් වකුගඩුව බ්‍රිතාන්‍ය පවුම් 22.50ට (ඉන්දියානු රුපියල් 2000කට/ ශ්‍රී ලංකා රුපියල් 4900කට) අළෙවිකර ඇති බවයි පැවසෙන්නේ.

තම සැමියා නිරන්තරයෙන් දෑවැද්ද ඉල්ලා සිටි බවට ඇය චෝදනා කරනවා. තමන් දෑවැද්ද හේතුවෙන් වසර ගණනාවක් පුරා ගෘහස්ථ හිංසනයට ලක්වූ බව රීටා සර්කාර් නම් මෙම සිද්ධියට මුහුණ දුන් කාන්තාව ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.

මාස කිහිපයකට පසුව ඇය අසනීපයෙන් පසුවීම නිසා පවුලේ සාමාජිකයන් විසින් ඇය වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත්කර තිබෙනවා. ස්කෑන් පරීක්ෂාවකින් අනතුරුව තමන්ගේ දකුණු වකුගඩුව අතුරුදහන්ව ඇතැයි අනාවරණය වූ බව අවසනවා.

ඔහු මගේ වකුගඩුව විකුණුවේ මගේ පවුලේ අයට ඔහු ඉල්ලා සිටි දෑවැද්ද ලබාදීමට නොහැකි වූ නිසා යැයි පවසන ඇය මේ සඳහා ජාවාරමක සම්බන්ධතාවක් ඇතැයි සැකකරනවා.