Saturday, April 20, 2024

General line - 0115112241

ලසිත් මාලිංග නව ක්‍රිකට් දිවියක් අරඹයි




ක‍්‍රිකට් දිවියෙන් විශ‍්‍රාම ගැනීම තමන් ඉක්මණින්ම ප‍්‍රකාශයට පත් කරන බව වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. ඉන්දීය පී ටී අයි පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ලැබුණු නව තනතුර සමග තමන් සිය නව ක‍්‍රීඩා දිවිය අරඹන බවයි.

මෙවර අයි පී එල් ක‍්‍රීඩක වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් ලසිත් මාලිංග මිලිදී ගත්තේ නැහැ. පසුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය මාලිංගට සිය කණ්ඩායමේ උපදේශක තනතුරක් පිරිනැමීමට කටයුතු කළා. 

වැඩිදුරටත් අදහස් දක්වමින් මාලිංග සඳහන් කර ඇත්තේ සිය සමුගැනීම පිළිබඳ තමන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කර නොමැති බවයි. සිය ශාරීරික යෝග්‍යතාව අනුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි ඔහු ඉන්දීය පී ටී අයි පුවත් සේවයට සඳහන් කර ඇත්තේ.