Thursday, April 18, 2024

General line - 0115112241

20/20 අයිස් මත ක්‍රිකට් තරගයේ ජය අෆ්රිඩිගේ පිළට (VIDEO)

කසුන් කැලුම්




ක‍්‍රිකට් ලෝලීන්ට නවමු අත්දැකීමක් එක් කරමින් ස්විස්ටර්ලන්තයේ අයිස් මත පැවති පළමු පන්දුවාර 20 තරගයේ ජය වාර්තා කිරීමට ෂහීඩ් අෆ්‍රිඩිගේ නායකත්වය දැරූ රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග නියෝජනය කළ ඩයමන්ඩ්ස් කණ්ඩායම මෙහිදී පරාජයට පත්වූයේ කඩුලූ 06කින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩයමන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 09ක් දැවී ලකුණු 164ක් රැස් කළා. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 08කට දැවී ගිය අතර මහේල ජයවර්ධන රැස් කළේ ලකුණු 07ක් පමණයි.

ලකුණු 165ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 02ක් අවසානයේ කඩුලූ 04ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.

වයිස් ෂා පන්දු 34ක දී නොදැවී ලකුණු 74ක් ලබාගත්තා. ලසිත් මාලිංග සහ අජිත් අගාකා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.