Tuesday, April 16, 2024

General line - 0115112241

නියෝජ්‍ය ඇමති ඉන්ධන බෝතල් ඇඟේ එල්ලගෙන උද්ඝෝෂණයක (PHOTOS) (VIDEO)




තම ආධාරකරුවෙකුට පහර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ලැයිස්තු අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද (09) බුලත්සිංහල පොලිසිය හන්දියේදී උද්ඝෝෂණයක නිරත වනවා.
 
අදාළ පහරදීම සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයා මේ වනතුරුත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

පාලිත තෙවරප්පෙරුම කිසියම් ඉන්ධන ද්‍රව්‍යයක් ද ළඟ තබාගෙන සිටිමින් පොලිසිය මෙම සිද්ධියට අදාළ පුද්ගලයා වහා අත්අඩංගුවට නොගතහොත් තමා ගිනි තබා ගන්නා බවද ප්‍රකාශ කරමින් ඇති බවයි වාර්තා වෙන්නේ.