Saturday, April 20, 2024

General line - 0115112241

උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු නායකයාට සහෝදරිය අතේ යවපු පණිවුඩය

තරංග රුක්ෂාන් ජයසේකර




දකුණු කොරියානු ජනාධිපති මූන් ජෙයි ඉන් හට උතුරු කොරියානු නායකයා පණිවුඩයක් යොමු කර තිබෙනවා.

ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති මූන් ජෙයි ඉන් හට සිය රටේ සංචාරයක නිරත වන ලෙසට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙලෙස ආරාධනයක් සිදු කර තිබෙනවා.

එම හමුව සිදු වුවහොත් දශකයකටත් වඩා වැඩි කාලයකට පසුව දෙරටේ නායකයින් මුණ ගැසෙන පළමු අවස්ථාව මෙය වනු ඇති.

දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඝෘතු ඔලිම්පික් තරගාවලිය හේතුවෙන් දෙරට අතර මෙතෙක් පැවැති මතභේද මේ වන විට යම්තාක් දුරකට සමතයකට පත්වී තිබෙනවා.

මෙම තරගාවලියට සිය රටේ කණ්ඩායමක් සහභාගී කරවීමට උතුරු කොරියාව මීට පෙර තීරණය කළා.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සහෝදරියක් මේ වන විට දකුණු කොරියාවේ සංචාරයකද නිරත වනවා.

එහිදී ඇයට දකුණු කොරියානු ජනාධිපති මන්දිරයට යෑමට අවස්ථාවක් උදා වී ඇති අතර එ් අවස්ථාවේදී සිය සහෝදරයාගේ ඉල්ලීම නිල වශයෙන් භාර දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.