Friday, April 26, 2024

General line - 0115112241

අද තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බිහි කළ වාර්තා

තරංග රුක්ෂාන් ජයසේකර




අද අවසන් වූ ශ‍්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී නව වාර්තා රැසක් බිහිවුණා.

ඉන් වැඩිම වාර්තා සංඛ්‍යාවකට හිමිකම් කියනු ලැබුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් විසින්.

ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුළු සංඛ්‍යාවක් බිද හෙලූ වමත් පන්දු යවන්නා බවට පත් වෙමින් ලෝක වාර්තාවක් බිහි කිරීමට මෙහිදී රංගන හේරත් සමත් වුණා. ඒ කඩුළු 415ක් බිද හෙලමින්. 

 

මේ අතර රොෂේන් සිල්වා ද අද වාර්තාවක් සමගින් ඉතිහාසයට එක් වුණා.

 

01. රොෂේන් සිල්වා 

රොෂේන් සිල්වා අද තරගයේදී ඉනිම් දෙකේදීම අර්ධ ශතක රැස් කලා. ඒ අනුව ක‍්‍රිඩකයෙකු සිය පළමු ටෙස්ට් ඉනිම් 5කදී ලකුණු 50 කට වඩා වැඩියෙන් අවස්ථා 4කදී රැස්කළ පළමු ශ‍්‍රි ලාංකික ක‍්‍රිඩකයා ලෙසට ඔහු අද ඉතිහාසයට එක්වුණා. 

මීට පෙර ලෝකයේ එම දස්කම දක්වා ඇත්තේ ක‍්‍රිඩකයින් තිදෙනෙකු පමණයි.

02. අකිල ධනංජය

ඔහු අද තරගයේදී කඩුළු 8ක් බිඳ හෙලන අතර කඩුල්ලක් දවා ගැනීමේ ලකුණු සාමාන්‍ය 5.50ක්. එය සටහන් වූයේ ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුල්ලක් දවා ගැනීම සඳහා පන්දු යවන්නෙකු ලබා දුන් අඩුම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව ලෙසටයි.

මෙම තරගය අකිලගේ මංගල ටෙස්ට් තරගයයි. ඔහු අද තරගයේදී ඉනිම් දෙකේදීම කඩුළු 8 ක් බිද හෙළුවා. ඒ ලකුණු 44කටයි. එය සටහන් වූයේ සිය මංගල ටෙස්ට් තරගයේදී ශ‍්‍රි ලාංකික ක‍්‍රිඩකයෙකු දැක්වූ ඉහළම දස්කම ලෙසයි.

එමෙන්ම අකිල මෙම ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී කඩුළු 5ක් බිද හෙලුවා. එය සටහන් වූයේ සිය මංගල ටෙස්ට් තරගයේ ඉනිමකදී කඩුළු 5ක් බිද හෙලූ 3වන ශ‍්‍රි ලාංකික ක‍්‍රිඩකයා ලෙසයි. 

 

03. බංග්ලාදේශ ඉනිම

මෙම තරගයේදී බංග්ලාදේශය මුහුණ දුන්නේ පන්දු 451කට පමණයි. එය සටහන් වූයේ බංග්ලාදේශය ටෙස්ට් කරගයකදී මුහුණ දුන් දෙවන අඩුම පන්දු සංඛ්‍යාව ලෙසයි.