Friday, April 19, 2024

General line - 0115112241

පළමු පක්ෂ මාරුව ද ? තොරතුරු මෙන්න

වසන්ත පිවිතුරු




වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන සුසිල් ප්‍රේමජයන්ත් අද (11) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙන බව දෙශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඔහු සමග තවත් මන්ත්‍රීවරුන් හත් දෙනෙකු හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සමග එක්වීමට නියමිත බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් අමාත්‍යවරයා අද (11) දින හෝ ඉදිරි දිනයකදී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ද සඳහන්.

මේ අතර ඊයේ (10) පැවති පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල පසුබෑමකට ලක්ව ඇති අතර අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමතා සිය අප්‍රසාදය පල කර ඇති බවත් දේහපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා nethnews.lk අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළා.

එහිදී අප ලබාගත් ඇමතුමට පිළිතුරු දුන් අයෙකු කියා සිටියේ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් වැදගත් සාකච්ඡාවක නිතරව සිටින බැවින් එම අවස්ථාවේ දී සම්බන්ධ කර ගැනීමට අපහසු බවයි.