Saturday, April 20, 2024

General line - 0115112241

මගින් 71ක් සමග රුසියානු ගුවන් යානයක් අනතුරට

බී.බී.සී ඇසුරෙන් - පවිත්‍රා




පුද්ගලයින් 71 දෙනෙකු රැගත් රුසියානු ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ රුසියාවේ ඩොමෝඩෙඩෝවෝ ගුවන් තොටුපළෙන් ගුවන් ගත කළ අදාළ යානය මිනිත්තු කිහිපයක් අතරතුරදී මොස්කව් අගනුවරට ආසන්න ගම්මානයකට කඩා වැටී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ යානය එරට කඳුකර ප‍්‍රදේශයක් වූ ඌරල්ස් බලා පියාසර කරමින් තිබුණා.

හිමෙන් වැසී ඇති කඳුකර ප‍්‍රදේශයක තිබී යානයේ සුන්බුන් සොයා ගැනීමට බලධාරීන් සමත්වී තිබෙනවා. අනතුරින් යානයේ ගමන් ගත් සියළු දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.