Friday, April 19, 2024

General line - 0115112241

ජනතාව දුන් ප්‍රතිඵලයෙන් පසු රන්ජන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

තරංග රුක්ෂාන් ජයසේකර




මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේදී ලැබුණු ප‍්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසනවා. 

ඔහු කියා සිටියේ ප‍්‍රතිඵලයෙන් ආණ්ඩු වෙනසක්  සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. රන්ජන් රාමනායක මීට පෙර සංවිධායක ධුරය දැරූ දිවුලපිටිය ආසනය මෙන්ම ඔහු වර්තමානයේ දිස්ත‍්‍රික් සංවිධාකය ධුරය දරන ගම්පහ දිස්ත‍්‍රික්කය ද ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වුයේ නැහැ. 

ගම්පහ දිස්ත‍්‍රික්කය සැළකීමේදී එක්සත් ජාතික පක්ෂය දිනා ගත්තේ මහ නගර සභාවක් සහ නගර සභාවක් පමණයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ නගර සභාවක්, නගර සභා 4ක් සහ ප‍්‍රාදේශිය සභා 12ක් ජය ගත්තා.

මෙම ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පල කළේ මෙවන් අදහසක්.

"අපිට හැට දෙලක්ෂයක් දීපු ඡන්දය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හොරකම් කළා.. එයාලගේ හොර කල්ලිය නීතිය ඉදිරියට ගේන්න අපි අපොහොසත්වීම තුළ. ආපු කට්ටියගෙනුත් යම් යම් හොරකම් වුණා. ඒක විශාල වරදක්. බැඳුම්කර වංචාව සම්බන්ධයෙනුත් වරදකරුවන් අත්අඩංගුවට ගැනීම අපිට කල් ගියා වැඩියි. ජනතාව හිතුවේ මේකත් අන්තිම මොහොතේ කරපු ඡන්ද ගුන්ඩුවක් කියලා. ඒ වගේම පොල් මිල, හාල් මිල, පොහොර සහනාධාරය කළමනාකරණය කර ගැනීමට බැරිවීම සහ වොක්ස් වැගන් ආයතනය වගේ බොරු කීම තුළ මේ ප්‍රතිඵලය ලැබුණයි කියලා මම හිතනවා. දැන්වත් අපි ස්වයං විවේචනයක් කරගෙන ඉදිරියට යන්න ඕනේ."