Thursday, April 25, 2024

General line - 0115112241

ජර්මානු චාන්සලර්වරියගෙන් තරුණ අමාත්‍යවරුන්ට ආරාධනයක්

බී.බී.සී ඇසුරෙන් - පවිත්‍රා




ජර්මානු චාන්ලසර් ඇන්ජලා මර්කල්, එරට පාලක පක්ෂය නියෝජනය කරන තරුණ දේශපාලඥයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර භාර ගැනීමට ඉදිරිපත් වන ලෙසටයි. පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් සිව් වන වරටත් ජර්මනියේ චාන්සලර්වරිය ලෙස තේරී පත්වුණු ඇන්ජලා මර්කල්, මේ වනවිට නව රජයේ කැබිනට් මණ්ඩලය තෝරා පත් කර ගනිමින් සිටිනවා.

ඒ අනුව ඇය පවසන්නේ පළපුරුදුලාභී ජ්‍යෙෂ්ඨයින්ට පමණක් නොව, පාලක සන්ධානයේ කැබිනට් මණ්ඩලය තුළ තරුණ නියෝජිතයින් හටද අවස්ථාව පවතින බවයි.