Thursday, March 28, 2024

General line - 0115112241

කැමති වුණත් අකමැති වුණත් මීළඟ පුද්ගලයා ගෝඨාභය




ශි‍්‍ර ලාංකීය දේශපාලනයේ මීළඟ තීරණාත්මක චරිතය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව විද්වතුන් පවසනවා.

ඊයේ (12) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ඒ බව ප‍්‍රකාශ කෙරුණා.

එහිදී අදහස් දැක්වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ බව සඳහන් කළා. 

"ඔහුගේ දේශපාලනයයි මගේ දේශපාලනයයි එකක් නෑ.. මම කියන්නේ අපි කැමති වුණත් නැති වුණත් දේශපාලන පසුබිම තුළ පුද්ගලයෙක් විදිහට ගොඩ නැගෙන්නේ ගෝඨාභය රාජපක්ෂ."

(මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)
 

-------------------------------

ජනතා තීන්දුව ගැන නිර්මාල් දේවසිරි සහ මහින්ද පතිරණ කතා කරයි

(13-02-2018 08:32)

 

නෙත් එෆ්. එම්. රේඩියෝවේ ඊයේ (12) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ අන්ලිමිටඩ් වැඩසටහනේදී ද මෙවර පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලය පිළිබඳ සංවාද කෙරුණා.

එහිදී අදහස් දැක්වූයේ සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිද මෙහිදී අදහස් දැක්වුවා.

මේ අතර අද (13) රාති‍්‍රයේ ප‍්‍රචාරය වන නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයේදීද මෙවර පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලය පිළිබඳ තවදුරටත් සංවාද කෙරෙනවා.

077 - 200 18 65 අංකයට වයිබර් මගින් හෝ එස්. එම්. එස්. මගින් ඔබටද ඒ පිළිබඳ අදහස් පළ කළ හැකියි. 

නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ මෙම අන්ලිමිටඞ් වැඩසටහන පහතින් දැක්වෙයි.